Wednesday, December 21, 2016
෴ මඩ වගුර තවම ඉදිරියෙන් ෴
මඩ වගුර දරුණුය. පවස සතපවනු පිණිස පැන් පොදක් බීමට එහි බට බොහෝ සත්තු නොසිතූ අයුරින් එහිම එරී ගියහ. ගොඩ එන මගට පළමුව මරණයම ඔවුන් කරා පැමිණියේය. මේ බැව් කල් තියා දකින නුවණැත්තෝ මඩ වගුරෙහි නොබැස මඩ නොතැවරීම වෙනත් මගකින් වගුර මගහැර එතෙර වෙත්. හරි මග සොයාගැන්ම දුෂ්කර වුවද ඊට යහපත් වෙනත් මගක් නැත්තේමය.
අපහසුවෙන් සොයා ගත යුතු වූ එමග සොයා ගත නොහුනහොත් මෙතෙරම අඳුරු වැටී අතරමං වනු නිසැකය. එනිසාම අවදානම දකිමින්ම වුවද වගුර හරහා ගොස් නොඑරී ප්‍රවේශමෙන් එතෙර වූ සත්තු ද වෙති. මෙසේ යහතින් එතෙර වීමට නම් පිරූ පෙර පින් යහමින් තිබිය යුතු වෙයි. නැතහොත් අසරණව එරී එහිම ගිලී මිය යනු ඇත.
වටින් එගොඩ වන මගක් මෑතක නොපෙනෙන බැවින් මඩ වගුර හරහා යෑමටය සිදුවී ඇත්තේ. වගුර මතින් යන ඒ ගමන නොඑරී යන්නට, ගමනේ බිහිසුණු බවත් අවදානමත් හඳුනාගත් අයෙකු සිටීම පිටිවහලක් විය හැකිය. සිහියෙන් නුවණින් ගියහොත් නොඑරී එතෙර වීමට මග තවම ඇත. උත්සහාය සහ උනන්දුව නොබිඳී පවත්වා ගැන්ම මඩ වගුරෙන් එතෙර වන එකම ක්‍රමය වනු ඇත.
ඒ බව නිති සිහි වේවා!
Subscribe to:
Posts (Atom)