තනිය ගෙන අඳුර විත් හැම රෑක මෙන් අදත්
ඒත් නුඹ තවම මා ලඟ නැතී...
වළා පලසක් මැදින් හෙමි හෙමින් ඉඟි කරන
තරු ඇසුත් හඬන්නේ දුක හිතී...
පිනි වහින මැදියමේ සීතලට ගුලි වෙන්න
හාදුවක උණුහුමක් මට නැතී...
නිශා මල් සුවඳ පිස කවුළුවෙන් ගෙට වඩින
සුළඟ වී ලඟින් උන්නත් ඇතී...
Thursday, April 15, 2010
Subscribe to:
Post Comments (Atom)
සොඳුරු බව අමතක ව තිබු මේ ජීවිතයට යලි පන ලැබුනේද ඔබ ලියු කවි නිසාමය.
ReplyDeleteසබඳ,
ජීවිතය සුන්දර බව මට කියා දුන්නේ ඔබය.